හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිසා පාකිස්තානයේ උණුසුම් තත්වයක්! (PHOTO)

315 Views
1 Min Read

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ නිවසේ රැඳී සිටි ආධාරකරුවන් සහ ආරක්ෂක අංශ අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඒ ඉම්රාන් ඛාන් ඔහුට එරෙහිව ඇති නඩු විභාගයට මුහුණ දීම සඳහා ඉස්ලාමාබාද් අධිකරණය වෙත පිටත්ව යෑමෙන් පසු එරට ආරක්ෂක අංශ ඔහුගේ ලාහෝර් හි නිවස වෙත කඩා වැදීම හේතුවෙන්.

ඒ, නිවසට ඇතුළුවීම වැළැක්වීමට යොදා තිබූ සියලුම බාධක ඉවත් කරමින් ආරක්ෂක අංශ ඔහුගේ නිවසට ඇතුළු වී තිබෙනවා.

ආරක්ෂක අංශවල මෙම ක්‍රියාකලාපයත් සමඟ ඛාන් පාර්ශ්වකරුවන් ප්‍රචණ්ඩකාරී වීම හේතුවෙන් පාකිස්තානය පුරා නොසන්සුන් තත්ත්වයක් මතු වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විරෝධතාකරුවන් පාලනයට එරට ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඛාන් ගේ පාර්ශ්වකරුවන් පිරිසක් තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් පොලිස් භාරයට ගැනීමට කටයුතු කර ඇති බවයි.

ඒ සමඟම අද දහවල් 12 වන තෙක් පාකිස්තාන පන්ජාබ් ප්‍රාන්තයේ දුරකථන සංවාද හැර සියලුම දුරකථන සහ අන්තර්ජාල සේවා අත්හිටුවීමට එරට රජය කටයුතු කර තිබෙනවා.

Share This Article
Leave a comment