රන් FM ගුවන් විදුලි නාලිකාවේ විකාශන කටයුතු හෙට (22) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට එහි පාලනාධිකාරය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම නාලිකාවට අයත් ගුවන් තරංග මගින් නව නාලිකාවක් ආරම්භ කරනවාද හෝ එම නාලිකාවම නැවත දියත් කරනවාද යන්න තවමත් වාර්තා වන්නේ නැහැ.
රන් FM, ශ්‍රී FM, E FM සහෝදර ගුවන් විදුලි නාලිකා වනවා.
මෙහි අයිතිය නැසීගිය සෝමා එදිරිසිංහ මහත්මිය සතු වුවද ඇයගේ අභාවයෙන් පසුව එය වෙනත් පෞද්ගලික සමාගමකට විකුණා දමනු ලැබූවා.