බීමත් රියදුරන්ට වැඩ වරදින ලකුණු !

242 Views
1 Min Read

බීමත් රියදුරන්ට පොලිස් ඇප ලබා නොදී ඔවුන්ට එරෙහිව අධිකරණ හමුවේ නඩු පවරන ලෙස රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.
එම උපදෙස් ලබා දෙන්නේ පොලිස් මූලාස්ථානාධිපතිවරුන්, ස්ථානාධිපතිවරුන් සහ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරුන් කැඳවා නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වාචික උපදෙස් ලබා දීමේදි ය.

බීමත් රියදුරන් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ක්‍රම දෙකක් යටතේ ඔවුන් පරීක්ෂණ සඳහා යොමු කරනු ලබයි. ඉන් අනතුරුව පොලිස් ඇප මත එම රියදුරන් නිදහස් කිරීමට පොලිස් මූලාස්ථානාධිපතිවරුන් සහ ස්ථානාධිපතිවරුන්ට මෙතෙක් අවසර ලබා දී තිබුණි.‍ෙඑමෙන්ම, අදාළ වාහනය වෙනත් පුද්ගලයෙකුට නිදහස් කිරීමටද පොලිසියට හැකියාව පැවතිනි.

කෙසේ වෙතත් බීමත්ව රිය පැදවීම නතර කිරීමට සහ අනතුරු අවම කිරීම සඳහා එලෙස අත්අඩංගුවට පත්වන රියදුරන්ට පොලිස් ඇප ලබා නොදී අධිකරණ හමුවේ ඉදිරිපත් කිරීමට රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇත.

Share This Article
Leave a comment