මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමේ සැලැස්මක් !

390 Views
1 Min Read

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සිය ධුරයෙන් ඉවත් කිරීමට අදාළ මූලික කටයුතු මේ වනවිට සැකසෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි. සභාපතිවරයාට විරුද්ධව චෝදනා පත්‍ර සකස් කර ඇති අතර පාර්ලිමේන්තු ක්‍රියාවලිය ඔස්සේ ඔහු ඉවත් කිරීම අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව සඳහන් වේ.

විදුලිය බල මණ්ඩල පනත හ මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත උල්ලංඝණය කරමින් විදුලිය ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍යවරයා ප්‍රමුඛ රජය පියවර ගන්නා බවට දිගින් දිගටම චෝදනා කළ ජනක රත්නායක මහතා එම ගාස්තු සංශෝධනයේ අවිධිමත් භාවය දැඩි සේ විවේචනය කළේය. මේ හේතුවෙන් රජයේ අප්‍රසාදය මෙම සභාපතිවරයා වෙත එල්ල වූ අතර විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පසුගියදා සඳහන් කළේ ඔහු ධුරයෙන් ඉවත් කිමට අවශ්‍ය පියවර ගැනෙමින් පවතින බවය.

මේ පිළිබඳ ව කළ විමසීමකදී පිළිතුරු දුන් ජනක රත්නායක මහතා තමන් ඉවත් කිරීමට අදාළ වැඩ පිළිවෙළක් පවතින බව තහවුරු කළ අතර තමන්ට එරෙහිව නගා ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් මේ වනවිටත් මුදල් අමාත්‍යවරයාට සහ ආර්ථික ස්ථායිකරණ කමිටුව වෙත කරුණු පැහැදිළි කිරීමක් යවා ඇති බවයි.

Share This Article
Leave a comment