නීතිපතිවරයා දේශබන්දු තෙන්නකෝන්ව සැකකරුවෙක් ලෙස නම් කරයි !

244 Views
1 Min Read

පසුගිය වසරේ මැයි මස 09 දින ගෝඨාගෝගම සාමකාමී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙක් ලෙස නීතිපතිවරයා විසින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධව නීතිපතිවරයා විසින් පොලිස් මූලස්ථානයට වාර්තා කර ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

ඒ අනුව ඉදිරි නඩු කටයුතුවලදී දේශබන්දු තෙන්නකෝන් එම ප්‍රහාරයේ සැකකරුවෙක් ලෙස අධිකරණය හමුවට ගෙන්වීමට නියමිතව තිබේ.

මෙම ප්‍රහාරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වගකිවයුතු ආකාරයත්, ඔහු ආරක්ෂක ලේකම්වරයාගේ සහ පොලිස්පතිවරයාගේ උපදෙස් මග හැර තිබුණු ආකාරයත් අවස්ථා ගණනාවක දී අනාවරණය වී තිබිණි.

Share This Article
Leave a comment