ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා දිවි රග මඩලට සමු දෙයි !

294 Views
2 Min Read

ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා අද (01) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් අසනීප තත්ත්වයකින් පෙළුණු ඔහු මිය යනවිට 84 වියේ පසු වුණා.

ගල්හේනගේ රත්නපාල පෙරේරා හෙවත් ජී. ආර්. පෙරේරා යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ රඟපෑ විශිෂ්ට රංගධරයෙක්.

1939 නොවැම්බර් මස 13 වැනිදා කිරුලපනදී උපත ලද ඔහු උපත ලබා තිබෙනවා.

1961 වසරේදී ඔහුව කලා ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නේ ඔහුගේ සමීප මිතුරෙකු වූ සහ කීර්තිමත් නාට්‍යකරුවෙකු වන තිස්ස අබේසේකර විසින්.

මෙරට විශිෂ්ට නාට්‍යකරුවෙක් වෙන සුගතපාල ද සිල්වාගේ ‘අපේ කට්ටිය’ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙක් වුණු ඔහු එම කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද බෝඩිංකරයෝ වේදිකානාට්‍යයෙන් සිය කලා දිවිය ආරම්භ කර තිබෙනවා.

පසුව සිනමා ක්ෂේත්‍රයට එන ඔහු වැලිකතර, කරුමක්කාරයෝ, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම ආදී සම්මානනීය සිනමා නිර්මාණ රැසකට රංගනයෙන් දායක වී තිබෙන අතර පසුව ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට එන ඔහු දශක පහකට අධික කාලයක් රූපවාහිනී කතාමාලා 600කට අධික සංඛ්‍යාවක රඟපා තිබෙනවා.

ඔහුගේ පළමු ප්‍රධාන චරිත රංගනය පැමිණියේ ඔහුගේ වෘත්තීය ජීවිතයේ දෙවන චිත්‍රපටය වන මැණික් සඳරසාගර විසින් අධ්‍යක්ෂණය කරන ලද කළු දිය දහර චිත්‍රපටියෙනි.

තිස්ස අබේසේකර අධ්‍යක්ෂණය කළ ‘‘තුන්කල් සිහිනය’’ ටෙලි කතාමාලාව ඔහුගේ මංගල රූපවාහිනී රංගනය වෙනවා.

එමෙන්ම “දූ දරුවෝ” කතා මාලාවේ “මලකඩ බාස්” චරිතය ඔහුගේ ටෙලිනාට්‍ය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා.

එමෙන්ම ඔහු ඉන්දියානු, ඇමරිකානු සහ ජර්මානු චිත්‍රපට තුනක් ඇතුළත් විදේශීය චිත්‍රපට හයකට රංගනයෙන් දායක වී තිබෙනවා.

Share This Article
Leave a comment