ඔක්සිජන් සිලින්ඩර රැගෙන යමින් සිටි වාහනයක් ඉතාලියේ මිලානෝ නගර මධ්‍යයේ පුපුරාගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස පිපුරුමකට ලක් ව ඇත්තේ නගරයේ ගමන් ගත් වෑන් රථයක් බවයි එම වාර්තා පැවසුවේ.
පිපුරුමෙන් අනතුරුව වාහන ගණනාවක් ගිනිබත් වෙමින් පවතින අතර සුන්බුන්වලට ඉහළින් ඝන කළු දුමාරයක් නැඟී ඇති බව ද එම වාර්තා වල දැක්වෙනවා.
මෙම ගින්න නිවාස සංකීර්ණයක් සහ ඔසුසලක් දෙසට පැතිරෙමින් පවතින බවත් ප්‍රදේශයේ පාසලක සහ සාත්තු නිවාසයක සිටි පුද්ගලයින් ඉවත් කිරීමට එරට පොලිසිය කටයුතු කර ඇති බවද වාර්තා වනවා.
64
/ 100
SEO Score