බොරැල්ල සිරිසර උයන ප්රදේශයේ නිවසකට ඇතුළුවූ තිදෙනෙකු එකවරම නිවසේ රැඳීසිටි පුද්ගලයෙකුට තියුණු ආයුධ වලින් පහර දී පළාගොස් තිබේ.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
පොලීසිය සඳහන් කළේ මියගොස් ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙකු බවය.
මියගිය පුද්ගලයා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අතර කලක සිට පැවැති ආරවුලක් මෙම සිද්ධියට හේතුවී ඇති බවට පොලීසිය සැකකරයි.