ඌරන් අතර පැතිරෙන වෛරසයක් පිළිබඳ අනාවරණයක් !

199 Views
1 Min Read

ඌරන් අතර පැතිර යන වෛරස් රෝගය මේ වනවිට බස්නාහිර පළාතේ ගොවිපොළ 4කින් හඳුනා ගෙන ඇති බව පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

රෝගය පවතින ගොවිපොළවලින් ඌරන් පිටතට රැගෙන යාම තහනම් කර ඇති බව එහි අධ්‍යක්ෂ කේ.කේ. සරත් සඳහන් කළේය.

මෙම වෛරස් රෝගය මීට පෙර ද මෙරටින් වාර්තා වී ඇති අතර එය ශීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් නොමැති බවත් මෙම වෛරස් රෝගය මිනිසුන්ට බෝවිමේ අවදානමක් නොමැති බවත් ඔහු අවධාරණය කළේ ය.

වෛරසය වැළදී ඇති බවට සැකසහිත ඌරන් පශු වෛද්‍යවරයෙකු වෙත කඩිනමින් යොමු කරන ලෙස ද බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ගොවිපොළ හිමියන්ගෙන් ඉල්ලීමක් කළේ ය.

මෙම වෛරස් රෝගය සඳහා එන්නත් කිරීම අවශ්‍ය වුවත් ඒ සඳහා එන්නත් මේ වනවිට මෙරට තුළ නොමැති බව ඔහු පවසයි.

Share This Article
Leave a comment