ඉන්ධන හිඟයක්, ඛණිජ තෙල් බෙදුම්කරුවන් හෙළි කරයි – එහෙම එකක් නෑ, ඇමති කියයි !

369 Views
2 Min Read

සති දෙකකට ආසන්න කාලයක සිට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් වල හිඟතාවයක් පවතින බව ඛණිජ තෙල් බෙදුම්කරුවන් පවසනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඔක්ටේන් 95 පෙට්‍රල් තොග නොමැතිවීම හේතුවෙන් මෙම ගැටළුව ඇති වී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 95 පෙට්‍රල් තොග නිසි අයුරින් පවත්වාගෙන නොයාම මෙම තත්වයට හේතුව බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන් වැඩිදුරටත් සදහන් කරයි.

කෙසේ නමුත් ඔක්ටේන් 95 පෙට්‍රල් තොග ප්‍රමාණවත් පරිදි පවතින බවයි, Twitter සටහනක් නිකුත් කරමින් කංචන විජේසේකර අමාත්‍යවරයා කියා සිටියේ.

දෛනික ඔක්ටේන් 95 පෙට්‍රල් අවශ්‍යතාවයට මෙට්‍රික් ටොන් 80 ත් 100 ත් අතර ප්‍රමාණයක් වන බවයි.

ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ දැනුම් දීමට ප්‍රතිචාරයක් ලෙසයි අමත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ. ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 9000 ක් රැගත් නෞකාවක් ජුනි මස 22 වනදා දිවයිනට පැමිණීමට නියමිතයි.

මේ අතර පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 41 ක ලාභයක් උපයා ගැනීමට ද සමත්වී ඇති බව සඳහන්.

Share This Article
Leave a comment