ලොව ධනවත්ම යාචකයා වන ‘භාරත් ජේන්’ මුම්බායි නගරයේ වීදිවල සිඟමන් යදින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉකොනොමික් ටයිම්ස් හි වාර්තාවකට අනුව, භාරත් ජේන් ගෝලීය ධනවත්ම යාචකයා වන අතර මුම්බායි නගරයේ වීදිවල සිඟමන් යදින අයුරු දැකගත හැකියි.
ජේන් රුපියල් කෝටි 7.5 ක ශුද්ධ වටිනාකමක් රැස් කර ගෙන තිබෙන අතර හිඟාකෑමෙන් ඔහුගේ මාසික ඉපැයීම් රුපියල් 60,000 සිට 75,000 දක්වා පරාසයක පවතින බවයි වාර්තා වන්නේ.
තවද, ඔහුට රුපියල් කෝටි 1.2 ක් වටිනා මුම්බායි හි මහල් නිවාසයක් හිමි අතර, මසකට රුපියල් 30,000 කට කුලියට දෙන තානේ හි සාප්පු දෙකක් තිබෙන බවත් සඳහන්. ඉන්දියාවේ ප්රමුඛ ස්ථාන වන චත්‍රපති ශිවාජි මහාරාජ් ටර්මිනස් දුම්රිය ස්ථානය හෝ අසාද් මයිඩන් හි මෙම පුද්ගලයා හිඟාකන බවයි වාර්තා වන්නේ.