දළදා පෙරහරට විදුලි බිල හරස් වෙයි ද?

231 Views
1 Min Read

විදුලි බිල මහනුවර ඇසළ පෙරහරට බාධාවක් කර නොගන්නා බවද විදුලි බිල ගෙවා හෝ පෙරහර උත්කර්ෂවත් පරිදි කරන බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පැවසීය.

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂ අනු නවදහස් දහයක මුදලක් (13299010) වැය වන බවට ඇස්තමේන්තු කර එම මුදල් කලින් ගෙවන ලෙස ශ්‍රී දළදා මාලිගාවට සහ සතර මහා දේවාලයන්ට දන්වා ඇත.

රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කර ඇති දළදා පෙරහර මංගල්‍යය අගෝස්තු මස 21 සිට 31 දින දක්වා වීදි සංචාරය කිරීමට නියමිතයි.

විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු (මහනුවර නගරය) එච්. එස්. බණ්ඩාර මහතාගේ අස්සනින් යුතුව අදාල ලිපිය ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා සහ සතර මහා දේවාල වල බස්නායක නිලමේවරුන් වෙත යොමු කර තිබේ.

ඇස්තමේන්තුවට අනුව,

  • ශ්‍රී දළදා මාලිගාව රුපියල් 34,12479.00 ක මුදලක් ද,
  • නාථ දේවාලයට රුපියල් 11,22,145 ක මුදලක් ද,
  • විෂ්ණු දේවාලය රුපියල් 13,68385 මුදලක් ද,
  • කතරගම දේවාලයට රුපියල් 11,02705 මුදලක් ද,
  • පත්තිනි දේවාලයට රුපියල් 11,02705 ක මුදලක්ද ,

පෙරහර කටයුතු ආරම්භ වීමට පෙර ගෙවන ලෙස දැනුම් දී තිබේ .

ඊට අමතරව එම කාලය තුළ වීදි ආලෝකකරණය සඳහා විදුලිබල මණ්ඩලයට රුපියල් 44,41,273 ක මුදලක් ද ගෙවන ලෙස දැනුම් දී තිබේ.

Share This Article
Leave a comment