අරගල සමයේ ජනාධිපති මන්දිරයෙන් හමු වූ මුදල් ගැන ගෝඨාභය රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක් !

361 Views
2 Min Read

අරගලකරුවන්ට ජනාධිපති මන්දිරයේ නිළ කාමරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි 78 ලක්ෂයකට අධික මුදල පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ විනාශ වු නිවාස හා දේපල යථා තත්ත්වයට පත් කිරීම සදහා එම පක්ෂයේ ව්‍යාපාරිකයන්ගේ අරමුදලකට එකතු වු මුදල් බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (19) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙමින් සඳහන් කර සිටියේ ඔහු ලබා දුන් දෙවන ප්‍රකාශයේ එය සදහන් බවයි.

මිරිහාන සිද්ධියෙන් පසුව ජනාධිපති මන්දිරයේ තමා පදිංචිව සිටි බවත් කැරලිකරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන් අනතුරුව එහි තිබු ලේඛන විශාල ප්‍රමාණයක් අස්ථාන ගත වී ඇති බවත් එම ප්‍රකාශයේ සදහන් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවා.

තව ද ඔවුන් පවසා සිටියේ මුදල් ලැබුණු ලේඛනය මේ වනවිට අස්ථාන ගතවීම හේතුවෙන් එම මුදල් ලැබාදුන් අයගේ නම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට නොහැකි බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇති බවයි.

එම මුදල් තමාගේ බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු අයිතිවාසිකම් කියන බවට අධිකරණයට දැනුම්දීම සම්බන්ධයෙන් මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියා.

එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ එම මුදල් සම්බන්ධයෙන් සහ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට අදාල උදෘත මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගැනෙන්නේ ද යන්න පිළිබදව නීතිපතිවරයාගෙන් කරුණු විමසන බවයි.

අධිකරණ නියෝග ප්‍රකාරව අධිකරණයේ පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගෙන් ලබන 28 ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවයි.

හිටපු ජනාධිපතිවරයා දැනුම් දෙන ස්ථානයකට ගොස් එම ප්‍රකාශය ලබා ගන්න බව ලිපියක් මගින් දැනුම් දී තිබෙන බව ද ඇය අධිකරණයට දන්වා සිටියා.

අධිකරණයේ පෙනී නොසිටි වින්දනයක් ආරක්ෂා කිරීමේ අධිකාරියට නැවතත් නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය ඉදිරි දිනයේ අධිකරණයට දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

Share This Article
Leave a comment