පොලිස්පතිට ලබාදුන් සේවා දිගුවට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ !

303 Views
1 Min Read

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබාදුන් සේවා දිගුවට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා විසින් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් පත්කරන ලද පත් කිරීම් ආදිය යටතේ එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව එහි සඳහන්.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කර ඇති අතර, එහි දක්වා ඇත්තේ ජූලි මස 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මාස 03 ක කාලයක් සඳහා චන්දන දීපාල් වික්‍රමරත්න මහතාව, ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා වශයෙන් පත්කරනු ලැබූ බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව මෙම පත් කිරීම සිදුකර ඇති බව එහි තවදුරටත් සඳහන්.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබාදුන් දෙවන සේවා දිගුවද මෙයයි.

Share This Article
Leave a comment