තරුණ රාජ්‍ය නිලධාරීන්ට ජපානයෙන් අවස්ථාවක් !

353 Views
1 Min Read

ජපාන විශ්වවිද්‍යාලවලදී මෙරට රාජ්‍ය අංශයේ තරුණ විධායක නිලධාරීන් පුහුණු කිරීම සඳහා අවස්ථාව හිමිවන බව වාර්තා වනවා.

ඒ, ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඇතිකරගත් නව ගිවිසුමකට අනුවයි.

අදාළ ව්‍යාපෘතිය සඳහා ජපානයෙන් රුපියල් මිලියන 611ක ප්‍රදානයක් ලබාදීම ද සිදුකෙරන බව සඳහන්.

මීට අමතරව සියලුම ණයදෙන රටවල් සම්බන්ධ වන විනිවිදභාවයෙන් සහ සන්සන්දනාත්මක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක වැදගත්කම තමා අවධාරණය කරන බව ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ, මෙරට බලධාරීන් සමග අද පැවැති සාකච්ඡාවකදීයි.

Share This Article
1 Comment