වවුනියාව විශ්වවිද්‍යාලයේ උපකුලපති මංගලේස්වරන්ම්ට පහර දුන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සදහා වවුනියාව පූවරසන්කුලම පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මෙම විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති එල්ලේ තරගවලට සහභාගි වූ සිසුන් දෙදෙනෙකු එම තරගාවලියෙන් පසුව ක්‍රීඩා කිරීමට වැටෙන් පැන ගිය අවස්ථාවේදී ක්‍රීඩාංගණය අසල පිහිටි වතුර වළකට ඇද වැටී මිය යාමෙන් පසුව කෝපයට පත් පිරිසක් වවුනියාව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට පහර දී තිබෙන බව වාර්තා වෙනවා.
එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් හා පොලිසිය උපකුලපතිවරයාව බේරාගෙන ඔහුගේ නිල නිවාසය වෙත කැදවා ගෙන ගිය බව පොලිසිය පවසනවා.
උපකුලපතිවරයා ලබා දුන් ප්‍රකාශයක් මත පරීක්ෂණ පවත්වන වවුනියාව පූවරසන්කුලම පොලිසිය උපකුලපතිවරයාට පහර දිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා තිබෙනවා.
වතුර වළකට ඇද වැටී මියගොස් ඇත්තේ වවුනියාව මුස්ලිම් මහා විද්‍යාලයට අයත් වයස අවුරුදු 14 ක් හා 15 ක් වන දරුවන් දෙදෙනෙකු බව පොලිසිය කියා සිටිනවා.