සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවිකාව, රාජ්කුමාරිගේ මරණයට තවත් පොලිස් නිලධාරීන් 03ක් අත්අඩංගුවට !

1 Min Read

පසුගිය මැයි මස 11 වැනිදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය රාජන් රාජ්කුමාරි නැමැති, ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක වූ සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාර රැකියාවේ නිරත වී සිටි කාන්තගේ මරණය සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් අද (01) අත් අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට පත් වූවන් අතර පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

මීට දින කිහිපයකට ඉහත දී  උප පොලිස්  පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

සිද්ධියට සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයේ මූලික අනාවරණයන් අනුව වැලිකඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් සිව් දෙනකුගේ වැඩ තහනම් විය.

එමෙන්ම වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් සිව් දෙනකුට මාරු වීම් ලබා දී තිබිණි.

මියගිය කාන්තාවගේ මරණයට අදාළ මරණ පරීක්ෂණයේ තීන්දුව මත පදනම්ව පසුගිය 25 වැනිදා උක්ත මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණි. .

Share This Article
Leave a Comment