2019 වසරේ ශ්රී ලංකාවේ සිදු වූ පාස්කු බෝම්බ ප්රහාරය පිළිබඳ විශේෂ හෙළිදරව්වක් අද (05) විකාශය කෙරෙන “Sri Lanka’s Easter Bombings – Dispatches” නම් වැඩසටහනෙහි අන්තර්ගත වීමට නියමිත බව එක්සත් රාජධානියේ චැනල් 4 (Channel 4) ප්රවෘත්ති නාලිකාව නිවේදනය කර තිබුණා.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙමින් සඳහන් කළේ මෙම වැඩසටහන තුළින් පාස්කු බෝම්බ ප්රහාරයට මෙරට ඇතැම් රජයේ නිලධාරීන් සම්බන්ධ බවට අතිශය වැදගත් තොරතුරු හෙළිදරව් කිරීමට නියමිත බවයි.
කෙසේ වෙතත් මීට පෙර නිකුත් කරන ලද චැනල් – 4හි පාස්කු බෝම්බ ප්රහාරය සම්බන්ධ විඩියෝ පටය මේ වන විට මේ වන විට unlist කර කර ඇති බවට වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විද්වතුන් පවසන්නේ සම්පූර්ණ වීඩියෝව නිකුත් කරන තෙක් මෙලෙස සිදු කරන්නට ඇති බවයි.
මෙම වීඩියෝව අගෝස්තු 15 වැනිදා විකාශය කිරීමට චැනල් 4 නාලිකාව සැලසුම් කර තිබුණද, රාජ්ය බුද්ධි සේවයේ ප්රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිය නීතිඥවරුන් මාර්ගයෙන් චැනල් 4 වෙත වීඩියෝවෙන් ඔහුට එල්ල වී ඇති චෝදනා ගැන කළ පැහැදිලි කිරීමකට අනුව එදිනද එම වීඩියෝව විකාශය කිරීම නවතා දැමීමට කටයුතු කර තිබුණා.