මධ්‍යම පළාතේ පාසල් ළමුන්ගෙන් සිව් වැනි සහ පස්වැනි ශ්‍රේණිවල අධ්‍යන කටයුතු කරන දරුවන්ගේ සාක්ෂරතා මට්ටමෙහි සාධනීය තත්ත්වයක් පෙන්නුම් කරන්නේ 3%ක පමණ පිරිසගේ බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම පළාතේ අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතා සඳහන් කර සිටියේ, ඊට බලපාන ප්‍රධාන ම හේතුව කොවිඩ් වසංගත තත්ත්වය තුළ, එ සමයේ පළමු වසරට ඇතුලත් වූ දරුවන් සඳහා ප්‍රායෝගික ව අකුරු ඉගැන්වීම ඇතුළු අධ්‍යාපනයන් ලබා දීමට නොහැකි වීම බවයි.
එබැවින් අදාළ පළාත තුළ ප්‍රාථමික අංශයේ පමණක් නොව 6 – 11 ශ්‍රේණිවල දරුවන්ගේ ලිවීමේ සහ කියැවීමේ මට්ටම් මැන බලා ඔවුන්ගේ සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා වන වැඩසටහන් ද ආරම්භ කර තිබෙන බවයි එම පළාතේ අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කර සිටියේ.
මේ අතර මධ්‍යම පළාත් දරුවන්ගේ සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා ලෝක බැංකු ආධාර යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර 4 සහ 5 වසරවල දරුවන්ට කියැවීම සහ ලිවීම ඉගැන්වීම සඳහා ඒ පාසල්වල 1 සහ 2 වසරවල ගුරුවරු යොදා ඇතැයි ද 6 සිට 11 වසර තෙක් සාක්ෂරතාවය අවම මට්ටමක ඇති දරුවන්ට අකුරු ඉගැන්වීම සඳහා විශ්‍රාමික ගුරුවරුන් යොදවා ඇතැයි ද ඔහු පවසා සිටියා.