රට තුළ දරුණු ආර්ථික අර්බුදයක් පවතින අස්ථාවක කිසිඳු පාර්ශවයකට නොදන්වා මහ බැංකුවේ සේවයකයන් සිය වැටුප සියයට 70 කින් පමණ වැඩි කිරීමට කටයුතු කළා.
එම තීරණය හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී තත්වය සාකච්ඡා කිරීම සඳහා අද (04) පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා මහ බැංකුවේ ඉහළ නිලධාරීන් කැඳවා ඇතැයි වාර්තා වනවා.
මහ බැංකු නිලධාරීන් ගත් මෙම තීරණය රට තුළ මහත් ආන්දෝලනයකට ලක්වූ අතර පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන් මේ සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කළා.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු ප්රධානීන් හෙට (05) දිනයේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවීමට ද නියමිතයි.