යාපනයේ කෝවිලක පූසාරිවරු අතර ගැටුමක් – කාන්තාවකටත් පහරදීලා !

641 Views
1 Min Read

යාපනය ප්‍රදේශයේ කෝවිලක දේපළවලයට හානි කර කාන්තාවකට පහර දුන් බව කියන පූසාරිවරයෙක් යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පූසාරිවරයා සහ තවත් පූසාරිවරුන් දෙදෙනෙකු අතර කාලයක් තිස්සේ පවතින අමනාපයක් හේතුවෙන් එම කෝවිලේ දේපළ කඩා විනාශ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය ප්‍රදේශයේ සහ කැනඩාවේ ස්ථීර පදිංචිය හිමි යාපනය ප්‍රදේශයේ කෝවිලක පූසාරිවරයෙක්.

සැකකාර පූසාරිවරයාගෙන් කට උත්තරයක් ගැනීම සඳහා එම ස්ථානයට ගිය අවස්තාවේදි අදාල පූසාරිවරයා පොලිස් නිළධාරීන්ට විරෝධය පළ කර බැන තර්ජනය කර ඇති බවත් සඳහන්.

සිද්ධියට සම්බන්ධ කෝවිල සම්බන්ධයෙන් මීට පෙර අධිකරණයේ පැවැති නඩුවකදි සැකකාර පූසාරිවරයාට සහ පැමිණිලිකාර පූසාරිවරුන්ට පූජා පැවැත්වීම සඳහා දින 10 බැගින් බෙදා වෙන්කර දී ඇති බවත් පොලීසිය පවසනවා.

එසේ තිබියදි සැකකාර පූසාරිවරයා නිතර කෝවිලට පැමිණ ගැටුම් ඇතිකරගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය වූ දිනයේදි ද සැකකාර පූසාරිවරයා කෝවිලට පැමිණ පූජාවට බාධා කරමින් දේපළවලට හානි කර ඇති අතර එහිදි ඇති වූ බහින් බස් වීමකදි එහි සිටි කාන්තාවකටද අදාල පූසාරිවරයා පහරදී ඇති බවයි පොලීසිය පවසන්නේ

Share This Article
Leave a comment