ජනපතිගේ මංගල ජන රැළියේ දීම මැතිවරණ නීති කඩලා !

1.2k Views
1 Min Read

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා. එමෙන් ම පසුගිය 14 වැනිදා මැතිවරණ කොමිසම නිකුත් කර තිබුණු මැතිවරණ නිති පද්ධතිය සහිත චක්‍රලේඛයේ ද ජාතික කොඩිය හෝ ආගමික ලකුණු මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා භාවිතා කිරීම නොකළ යුතු වරදක් බව දක්වා තිබුණා.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ජාතික කොඩිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවය.

කෙසේ වෙත්ත ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුරාධපුරයේ දී ආරම්භ කළ සිය මංගල ප්‍රචාරක රැළියට සහභාගීවන පුද්ගලයින්ට විශාල ප්‍රමාණයේ ජාතික කොඩි ලබා දීමට මැතිවරණ සංවිධායකවරුන් කටයුතු කර තිබිණි.

Share This Article
Leave a comment