ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයන් වෙනුවෙන් අද පැවැත්වෙන අවසන් ප්රචාරක රැළි හෙට පුවත්පත් වල පළකළ හැකි නමුත් එම පුවත් හෙට විද්‍යුත් ජනමාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කිරීමේදී සිරස්තල පමණක් ඉදිරිපත් කරනු හැර ප්‍රවෘත්තියට අදාළ වෙනත් කිසිදු අදහසක් හෝ යෝජනාවක් ඉදිරිපත් කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම කොමිසමේ සභාපති සියලුම ජනමාධ්‍ය ආයතන ප්‍රධානින් වෙත ලිපියක් යොමුකරමින් මේ බව අවධරණය කරනවා.
එසේම අද පැවැත්වෙන අවසන් රැළි හෙට දිනයේ විද්‍යුත් ජනමාධ්‍ය මගින් එක් ප්‍රධාන ප්රවෘත්ති විකාශයක පමණක් ප්‍රචාරය කරන ලෙසද සභාපතිවරයා ඉල්ලා සිටිනවා.
මේ මස 20 සහ 21 යන දෙදින පුවත් සිරස්තල ඉදිරිපත් කිරීමේදී කිසිදු දේශපාලන ප්‍රවෘත්තියක් හෝ අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් ප්‍රවර්ධනය හෝ අගතියට පත්වන ආකාරයේ ඉදිරිපත් කිරීමක් නොකරන ලෙසද සභාපතිවරයා වැඩිදුරටත් කියාසිටියා.