ජනපති ඇත්තටම සල්ලි අච්චු ගැහුවද?

857 Views
1 Min Read

ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ සල්ලි අච්චු ගසා ඇති බවට ප්‍රචාරය වී ඇති බව හිටපු නියෝජ්‍ය මහබැංකු අධිපතිවරයෙකු ප්‍රකාශ කරනවා.

ඒ අනූව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලියු. ඒ. විජේවර්ධන කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

එම පැහැදිලි කිරීම මගින් ආචාර්යවරයා පෙන්වා දෙන්නේ මහ බැංකුව අනුගමනය කරන විවට ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මිස නව රජය යටතේ සල්ලි අච්චු ගැසීමක් සිදු වී නැති බව ය.

භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව මගින් මිල දී ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් සාමාන්‍ය ක්‍රියාවලිය පවත්වාගෙන යාමක් පමණක් සිදු වි ඇතැයි වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

මේ අතර, වෙනත් ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ පසුගිය රජය සම්මත කරන ලද මහ බැංකු සංශෝධිත පනතට අනුව, අවලාදකරුවන් පවසන ආකාරයේ සල්ලි අච්චු ගැසීමක් සිදු කළ නොහැකි බවයි.

Share This Article
Leave a comment