හරිනි​ගේ වැඩිම මනාප වාර්තාව පැය කීපයකින් විජිත හේරත් බිඳ දමයි – ලංකා ඉතිහාසයේ මැතිවරණයක අපේක්ෂකයෙකු වැඩිම මනාප ගත් ගම්පහ ලැයිස්තුව මෙන්න!

2.6k Views
1 Min Read

මීට පැය කීපයකට පෙර කොළඹ දිස්ත්‍රික් ජාතික ජන බලවේග කණ්ඩායම් නායිකා මෙන්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මනාප ප්‍රමාණය 6,55,289 ක් තබා පිහිට වූ වාර්තාව බිඳ දමමින් ගම්පහ දිස්ත්‍රික් ජාතික ජන බලවේග කණ්ඩායම් නායක අමාත්‍ය විජිත හේරත් වාර්තාගත 7,16,715ක මනාප සංඛ්‍යාවක් ලබාගෙන ලංකා ඉතිහාසයේ මැතිවරණයක දී වැඩිම මනාප ගත් දේශපාලඥයා ලෙස වාර්තාව පිහිටුවා තිබේ.

ආචාර්ය අමරසූරිය විසින් අද (15) පස්වරුවේ බිඳ දමන ලද්දේ 2020 මැතිවරණයේ දී කුරුණැගල දිස්ත්‍රික්කයට තරග කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මනාප 5,27,364ක් ලබාගෙන තැබූ වාර්තාවය.

ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප සංඛ්‍යාව මෙසේය.

ජාතික ජන බලවේගය

  • විජිත හේරත් 7, 16, 715 . (හත් ලක්ෂ දාසය දහස් හත්සිය පහළවයි.)
  • අනිල් ජයන්ත ප්‍රනාන්දු 1,62,433
  • මහින්ද ජයසිංහ 1, 37, 315
  • ක්‍රිෂාන්ත සිල්වා අබේසේන 1, 21825
  • මොහොමඩ් මුනීෆ් 1, 19, 815
  • අශෝක රන්වල 1,09,322
  • එන්.බී විජේසිංහ 83, 061
  • රුවන් නිශාන්ත මාපලගම 78 673
  • ලසිත් භාෂණ 74058
  • ප්‍රදීප් මදුරංග 70 887
  • සුදර්ශන චම්පික හෙට්ටිආරච්චි 70 373
  • ජයකොඩි ආරච්චිගේ රුවන්තිලක 68 210
  • හේමාලි සුජීවා 68737
  • උපාලි ප්‍රියන්ත 60595 .
  • ජෙෆර්ජි ප්‍රනාන්දු 57734
  • චමින්ද ලලිත් කුමාර 53.451

සමගි ජන බලවේගය

  • හර්ෂණ රාජකරුණා 67 004
  • කාවින්ද ජයවර්ධන 37597
  • චමිල ප්‍රසාද් සිරිවර්ධන 23 699
Share This Article
Leave a comment