වීදි සුනඛයාගේ වේදනාකාරී මරණයට හේතු වූ පශු වෛද්‍යවරයාට වැඩ වරදී !

205 Views
5 Min Read

වීදි සුනඛයෙකුට නිසි ප්‍රතිකාර නොකළ පශු වෛද්‍යවරයෙකුට එරෙහිව කිරිදිවෙල පොලිසියට පැමිණිල්ලක් යොමු කිරීමේ පුවතක් වාර්තා වනවා.

පෙට්කෙයාර් ඇනිමල් ක්ලිනික් (Petcare animal clinic ) නමින් සත්ව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන පශූ වෛද්‍ය රශ්මික ගුරුගේ නැමැති අයෙකුට එරෙහිව මෙම පැමිණිල්ල යොමු කර ඇති අතර එය විමර්ශනය සදහා හෙට (23) සමථ මණ්ඩලය වෙත යොමු කර තිබෙනවා.

සුරතල් සතුන්ට නිතර උදව් කරන පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් අසනීප තත්ත්වයක් ඇති වීදි සුනඛයෙක්හට කඩිනම් ප්‍රතිකාර සදහා අදාළ පශූ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත. එහිදී වෛද්‍යවරයා විසින් අදාල සුනඛයාට ප්‍රතිකාර කළ හැකි බවත් සත්වයාට නේවාසිකව ප්‍රතිකාර කළ යුතු බවටත් අදාළ භාරකරුවන්ට දැනුම් දී තිබේ. එහිදී දිනකට රුපියල් 1000 බැගින් දින 07ක්වත් නේවාසික ප්‍රතිකාර ලබා දිය යුතු බවට වෛද්‍ය ගුරුගේ සනාථ කර ඇති අතර ඒ සමඟ භාරකරුවන් විසින් රුපියල් 7000ක මුදලක් ගෙවා දින හතකට වෙන් කර ගෙන ඇතැයි කියැවේ.

අනතුරුව වීදි සුනඛයාගේ රුධිර පරීක්‍ෂණ වාර්තාව අනුව බරවා රෝගී ලක්‍ෂණ පෙන්නුම් කරන බවත් ඒ සදහා පළමුවෙන් ප්‍රතිකාර කළ යුතු බවත් අදාළ වෛද්‍යවරයා පවසා ඇත.කෙසේ වෙතත් මේ වන විට මෙම සුනඛයා චර්ම රෝගයකින් ද පීඩා විඳ තිබෙනවා.

භාරකරුවන් සුනඛයාට මෙම තත්ත්වය යටතේ වැඩිදුර පෝෂන අතිරේක සහ විටමින් ලබා දෙන ලෙසද වෛද්‍යවරයාට පවසා ඇති අතර වෛද්‍යවරයා එයට එකඟ වී චර්ම රෝගය සදහා දින 05කින් ප්‍රතිකාර අරඹන බව පවසා රුපියල් 8,800ක බිල්පතක් යොමු කර තිබේ. එයද අදාළ භාරකරුවන් විසින් ගෙවා තිබෙනවා.

ඉකුත් ඔක්තෝබර් 02වැනිදා සුනඛයාගේ මුහුණේ ඡායාරූපයක් භාරකරුවන් වෙත යොමු කර තිබූ වෛද්‍යවරයා පවසා ඇත්තේ බරවා තත්ත්වට ප්‍රතිකාර අරඹා ඇති බවත් ඔක්තෝබර් 06වැනිදා චර්ම රෝගයට ප්‍රතිකාර අරඹන බවත්ය. මෙහිදී වැඩිදුරටත් වෛද්‍යවරයා පවසා ඇත්තේ දෙවැනි වටයේ ප්‍රතිකාර ඔක්තෝබර් 16වැනිදා අරම්භ කරන බවත් ඔක්තෝබර් 20වැනිදා සුනඛයාට ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් රැගෙන යා හැකි බවත් ය.

නැවතත් ඔක්තෝබර් 07වැනිදා වෛද්‍යවරයා භාරකරුවන් වෙත පවසා ඇත්තේ චර්ම රෝගය සදහා ප්‍රථම වටයේ ප්‍රතිකාර ආරම්භ කර ඇති බවත් ඔක්තෝම්බර් 14 වැනිදා වන විට එය සම්පූර්ණ සුව අතට පත්වීම අපේක්ෂා කළ හැකි බවයි.මේ අවස්ථාවේ ද රුපියල් 3150ක බිල්පතක් ද භාරකරුවන් විසින් යළිත් ගෙවා තිබෙනවා.

යළිත් වෛද්‍යවරයා භාරකරුවන්ට පවසා ඇත්තේ සුනඛයාට ඔක්තෝබර් 17වැනිදා දක්වා නේවාසික ප්‍රතිකාර සදහා රුපියල් 14,000ක ගාස්තුවක් අවශ්‍ය බවයි.

ඔක්තෝම්බර් 17 වැනිදා සිට ඔක්තෝම්බර් 20 දක්වා සුනඛයා තබා ගැනීමට කෙටි කාලයක් තිබිය දී මෙලෙස විශාල මුදලක් ප්‍රතිකාර සඳහා අවශ්‍ය බව පවසන්නේ කිනම් හේතුවක් නිසා දැයි ඒ අවස්ථාවේ භාරකරුවන් වෛද්‍යවරයාගෙන් විමසා ඇත.එම අවස්ථාවේ වෛද්‍යවරයා රුපියල් 675කට දංවැලක් ද ගත යුතු බව සදහන් කර ඇත.දංවැලක් අවශ්‍ය වන්නේ ඇයි දැයි භාරකරුවන් විමසූ විට වෛද්‍යවරයා පවසා ඇත්තේ සුනඛයා පැන යාමට තැත්කරන බවයි.

නේවාසික ප්‍රතිකාර ලබන සුනඛයාට නිසි පරිදි ආහාර ලබා දී හොදින් රැක ගන්නේ නම් සුනඛයා පැන යාමට උත්සාහ කරන්නේ ඇයි දැයි එම අවස්ථාවේ දී භාරකරුවන් වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කර තිබෙයි. එවිට වෛද්‍යවරයා පවසා ඇත්තේ දවසට දෙවරක් ආහාර දෙන බවත් තමන් හදුනන හිතවතෙකු ළඟ සුනඛයාව රදවා ඇති බවත්ය. වෛද්‍යවරයා 12වැනිදා පණිවිඩයකින් දැනුම් දී ඇත්තේ DDHL නැමැති එන්නත සුනඛයාට ලබා දිය යුතු බවයි. වෛද්‍යවරයාව පසුව භාරකරුවන් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට දින කිහිපයක් උත්සාහ කළ ද එය ව්‍යාර්ථ වී ඇති අතර පසුව වෛද්‍යවරයා සදහන් කර ඇත්තේ තමන් කාර්ය බහුල අයෙක් බවයි.

ඉන්පසු භාරකරුවන් ඔහුට පවසා ඇත්තේ සුනඛයා යළි භාර දෙන ලෙසටයි. ඒ අනුව නේවාසික ප්‍රතිකාර සඳහා රුපියල් 20000 ක මුදලක් ගෙවන ඔක්තෝබර් 26වැනිදා වෛද්‍යවරයා විසින් අදාළ භාරකරුවන්ට පවසා ඇත.

කෙසේ වෙතත් අදාළ භාරකරුවන් 27වැනිදා යළි සුනඛයා භාර ගන්නා අවස්ථාවේ දැඩිව දුර්වල වී සිටින ආකාරයක් සුනඛයා ඉන් දින තුනකට පසු මිය ගොස් තිබේ.

මෙම මරණය පිළිබඳ අදහස් දක්වන භාරකරුවන් පවසන්නේ DDHL එන්නත මෙම සුනඛයාට ලබා දීම රෝගී තත්ත්වය තිව්‍ර කිරීමට හේතු වී ඇති බවත් බරවා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි නිසා සුනඛයා දුර්වල වී සිටි බවත්ය.

මෙම පශු වෛද්‍යවරයාගේ වගවීම ගැටලු සහගත බව භාරකරුවන් චෝදනා කරයි. සත්වයෙකුට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් ලෙස ඔහු සත්වයාගේ පැවැත්ම පිළිබඳ කිසිදු සැලකීමක් කර නොමැත. කෙසේ වෙතත් මිය යන විට රුපියල් 43,000ක් මේ සුනඛයා වෙනුවෙන් වියදම් කර තිබෙනවා.

එසේම වෛද්‍යවරයා සුනඛයාගේ නියම රෝගී තත්ත්වය පිළිබඳ භාරකරුවන් දැනුවත් කර නොමැත. මෙම රෝගී සුනඛයා වෛද්‍යවරයාගේ වගකීම් විරහිතභාවය හේතුවෙන් වෙනත් පාර්ශ්වයකට දිනකට රුපියල් 1000බැගින් ගෙවන සේ භාර දී ඇත. වෛද්‍යවරයා සුනඛයාගේ සැබෑ තත්ත්වය පැවසූවේ නම් වෙනත් ප්‍රතිකාර ක්‍රමවලට හෝ යොමු වීමට තිබූ බව භාරකරුවන් චෝදනා එල්ල කරයි. නමුත් ඒ සියල්ල දැන දැනම වෛදවරයා ආචාර ධර්මවලට පටහැනිව සුනඛයාට වේදනා සහගත මරණයක් අත්කර දුන් බවට චෝදනා එල්ල වේ. භාරකරුවන් මුදල් ගෙවා තිබියදී සුනඛයාගේ බරෙහි අඩුවීමක්, ශරීරයේ වෙනස්කම් පෙනි පෙනී තිබියදීත් ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග නොගෙන තිබේයැයි ද චෝදනා ඔහුට එල්ල වනවා.

මේ සුනඛයා නිදහසේ මාර්ගයේ සිටියේ නම් මෙවැනි වේදනා සහිත මරණයක් එම සත්වයාට අත්නොවන බවත් මෙම පශුවෛද්‍යවරයාගේ වෛද්‍ය ආචාර ධර්ම පිළිබඳ දැඩි සැකයක් ඉස්මතු කරන බවත් භාරකරුවන් පොලිසිය වෙත පැමිණිල්ලක් යොමු කරමින් සදහන් කර ඇත.

Share This Article
Leave a comment