ඉන්ධන මිල වෙනසත් සමඟ බස් ගාස්තුත් වෙනස් වෙයි ද?

701 Views
1 Min Read

ඩීසල් මිල ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා අද (01) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

මාසික මිල සූත්‍රයට අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් තුනකින් ඉහළ දැමීමටයි, ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කළේ.

ඒ අනුව එහි වත්මන් මිල රුපියල් 286ක් වනවා.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල ගණන් සංශෝධනයක් සිදු නොවූ අතර එහි මිල රුපියල් 313ක්.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙකකින් අඩු කර ඇති අතර එය අලෙවි කරන්නේ රුපියල් 309කටයි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල සංශෝධනයක් සිදු කළේ නැහැ.

එමෙන්ම භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කන් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 188ක් වනවා.

මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන්වලට සමාන ලෙස සිය ගාස්තු සංශෝධනය කිරීමටයි, ලංකා IOC සමාගම කටයුතු කළේ.

Share This Article
Leave a comment