අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට කොටුව උසාවියෙන් නියෝගයක් !

251 Views
1 Min Read

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (08) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පස්දෙනෙකුට එම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව දහවල් 1ත් සවස 4ත් අතර ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය සහ මහබැංකු ඇතුළු ස්ථානවලට උද්ඝෝෂණකරුවන්ට ඇතුළු වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත්කර තිබෙනවා.

දෛනිකව කොළඹ නගරයට ලක්ෂ පහක පමණ පිරිසක් පැමිණෙන අතර පෙළපාලි ඇතිවුවහොත් විශාල මහජන පීඩාවක් වාහන තදබදයක් ඇති විය හැකි බවයි පොලිසිය අධිකරණයට කරුණු දන්වා සිටියේ.

එමෙන්ම අද දවස 3ට ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උසස් අධ්‍යාපන වැඩමුළුවක් පැවැත්වෙන බවත් ඊට රාජ්‍ය තාන්ත්‍රිකයන්, තානාපතිවරුන්, විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්, මැති ඇමැතිවරුන් 225ක පමණ පිරිසක් සහභාගී වන බවත් කොටුව ස්ථානාධිපතිවරයා දන්වා සිටියා.

ඒ කරුණු සලකා බලා දහවල් 1ත් සවස 4ත් අතර ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, මහබැංකු ඇතුළු ස්ථානවලට උද්ඝෝෂණ කරුවන්ට ඇතුළු වීම තහනම් කරමින් සහ සාමකාමී උද්ඝෝෂණ පැවැත්විය හැකි බව දන්වමින් මෙම නියෝගය නිකුත්කර තිබෙනවා.

Share This Article
Leave a comment