ලාංකිකයෙකු අධ්‍යක්ෂණය කරන ඉන්දියානු චිත්‍රපටයක් – ඉලංගෝ රාම්ගේ නෙළුම් කුළුණ (Tentigo) කොලිවුඩය​ට ප්‍රතිනිර්මාණය වෙ​යි (VIDEO)

350 Views
2 Min Read

ලාංකික අධ්‍යක්ෂක ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය Tentigo ලාංකීය සිනමාපටයේ නිල කොලිවුඩ් ප්‍රතිනිර්මාණය වන Perusu ඉන්දියානු සිනමාපටයේ පළමු ප්‍රචාරක පෝස්ටරය දැන් නිකුත් වී තිබෙනවා.

ජනප්‍රිය ඉන්දියානු නලුවන් දෙදෙනෙකු වන වෛබව් සහ සුනිල් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙය දකුණු ඉන්දීය ප්‍රතිනිර්මාණයක් වනවා.

තවත් ජනප්‍රිය දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන Lokesh Kanagaraj විසින් අදාල පෝස්ටර් මුදා හැර ඇති අත​ර Perusu ලෙසින් දමිළ භාෂාවෙන් සහ Pedha ලෙසින් තෙළිඟු භාෂාවෙන් චිත්‍රපටය නිර්මාණය වීමට නියමිතයි.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ Perusu චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Pizza, Jigarthanda, Petta වැනි ජනප්‍රිය සිනමාපට ඔබ වෙත ගෙනා කාර්තික් සුබ්බරාජ් වීමයි.

මෙම වසරේදී තිරගත කිරීමට නියමිත මෙම චිත්‍රපටය ජනප්‍රිය දමිළ නලු නිලියන් රැසක් සමඟින් කොලිවුඩ් සිනමාවට ප්‍රතිනිර්මාණය වනවා.

ශ්‍රී ලාංකික සිනමා පටයක් ලෙස මුලින් නිශ්පාදනය කරන ලද Tentigo (නෙළුම් කුළුණ) සිනමා පටය ද මෙරට සිනමා ශාලා සඳහා තවමත් නිකුත් වී නොමැති අත​ර නුදුරේදීම දිවයින පුරා සිනමා හල්වල තිරගත වීමට නියමිතයි.

නමුත් මේ වනවිටත්, එය ලෝ පුරා ජාත්‍යන්තර සිනමා උළෙල රැසක් නියෝජනය කරමින් සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

නෙළුම් කුළුන චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය පහති​න්

YouTube player
Share This Article
Leave a comment