අරගලය​ට වන්දි ලෙ​ස කෝටි 122කට වඩා මන්ත්‍රීවරු බෙදාගෙන, සම්පූර්ණ ලැයිස්තුව පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි (VIDEO)

3 Min Read

අරගලය පැවැති 2022 වසරේ ගිනි ගත් නිවාස වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයෙන් ලබාගත් වන්දි මුදල් පිළිබඳ ලැයිස්තුව අද (06) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස හෙළි කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මන්ත්‍රීවරුන් 43 දෙනෙකු ලබාගෙන ඇති වන්දි මුදල්වල සමස්ත වටිනාකම රුපියල් කෝටි 122.41ක් බවය.

මේ අතරින්, කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් ලක්ෂ 959ක් වන්දි මුදල් ලෙස ලබාගෙන ඇති අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 934ක්, ගාමිණි ලොකුගේ රුපියල් ලක්ෂ 749ක්, අලි සබ්රි රහීම් රුපියල් ලක්ෂ 709ක් සහ නිමල් ලාන්සා රුපියල් ලක්ෂ 692ක් බැගින් රජයෙන් වන්දි ලබාගෙන ඇති බවය.

සම්පූර්ණ ලැයිස්තුව පහතින්,

  • කපිල නුවන් අතුකෝරළ – රුපියල් 504,000
  • විමලවීර දිසානායක – රුපියල් 550,000
  • ගීතා කුමාරසිංහ – රුපියල් 972,000
  • ජනක තිස්සකුට්ටිආරච්චි – රුපියල් 1,143,000
  • ගුණපාල රත්නසේකර – රුපියල් 1,412,780
  • ප්‍රේමනාත් සී දොලවත්ත – රුපියල් ලක්ෂ 23යි
  • ප්‍රියංකර ජයරත්න – රුපියල් 2,348,000
  • සම්පත් අතුකෝරළ – රුපියල් 2,540,610
  • ජයන්ත කැටගොඩ – රුපියල් 2,814,800
  • විමල් වීරවංශ – රුපියල් 2,954,000
  • මහාචාර්ය චන්න ජයසුමන – රුපියල් 3,334,000
  • අකිල එල්ලාවල – රුපියල් 3,554,250
  • චමල් රාජපක්ෂ – රුපියල් 6,539,374
  • චන්දිම වීරක්කොඩි – රුපියල් 6,948,800
  • අශෝක ප්‍රියන්ත – රුපියල් 7,295,000
  • සමන් ප්‍රිය හේරත් – රුපියල් ලක්ෂ 105.2යි
  • ජනක බණ්ඩාර තෙන්නකෝන් – රුපියල් ලක්ෂ 105.5යි
  • රෝහිත අබේගුණවර්ධන – රුපියල් ලක්ෂ 116.4යි
  • විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ – රුපියල් ලක්ෂ 137.8යි
  • සහන් ප්‍රදීප් – රුපියල් ලක්ෂ 171.3යි
  • ශෙහාන් සේමසිංහ – රුපියල් ලක්ෂ 185.1යි
  • ඉන්දික අනුරුද්ධ – රුපියල් ලක්ෂ 195.5යි
  • මිලාන් ජයතිලක – රුපියල් ලක්ෂ 223යි
  • වෛද්‍ය රමේෂ් පතිරණ – රුපියල් ලක්ෂ 281යි
  • දුමින්ද දිසානායක – රුපියල් ලක්ෂ 288යි
  • කනක හේරත් රුපියල් ලක්ෂ 292යි
  • ඩී බී හේරත් – රුපියල් ලක්ෂ 321යි
  • ප්‍රසන්න රණවීර – රුපියල් ලක්ෂ 327යි
  • ඩබ්ලිව් ඩී වීරසිංහ – රුපියල් ලක්ෂ 372යි
  • ශාන්ත බණ්ඩාර – රුපියල් ලක්ෂ 391යි
  • එස් එම් චන්ද්‍රසේන – රුපියල් ලක්ෂ 438යි
  • සනත් නිශාන්ත – රුපියල් ලක්ෂ 427යි
  • සිරිපාල ගම්ලත් – රුපියල් ලක්ෂ 509යි
  • අරුන්දික ප්‍රනාන්දු – රුපියල් ලක්ෂ 552යි
  • සුමිත් උඩුකුඹුර – රුපියල් ලක්ෂ 559යි
  • ප්‍රසන්න රණතුංග – රුපියල් ලක්ෂ 561යි
  • කෝකිලා ගුණවර්ධන – රුපියල් ලක්ෂ 587යි
  • මොහාන් පී ද සිල්වා – රුපියල් ලක්ෂ 601යි
  • නිමල් ලාන්සා රුපියල් ලක්ෂ – 692යි
  • අලි සබ්රි රහීම් – රුපියල් ලක්ෂ 709යි
  • ගාමිණි ලොකුගේ – රුපියල් ලක්ෂ 749යි
  • ජොන්ස්ටන් ප්‍රනාන්දු – රුපියල් ලක්ෂ 934යි
  • කෙහෙළිය රඹුක්වැල්ල – රුපියල් ලක්ෂ 959යි
අරගලය​ට වන්දි ලෙ​ස කෝටි 122කට වඩා මන්ත්‍රීවරු බෙදාගෙන, සම්පූර්ණ ලැයිස්තුව පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
YouTube player
Share This Article
Leave a Comment