මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයට මරණ තර්ජන එල්ල වී ඇති බවට රහස්‍ය බුද්ධි වාර්තාවක් හෙළිකර තිබෙන බව සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරනවා.
ඊට අමතරව, ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති, ඔවුන් ගේ ධූරවලින් ඉවත් කිරීමේ සැලැසුමක්ද ක්‍රියාත්මක වෙමින් පවතින බව එකී බුද්ධි වාර්තාව හෙළි කර තිබෙන බව සිලෝන් ටුඩේ පුවත්පත සඳහන් කරනවා.
ඒ සදහා දැවැන්ත මුදල් ප්‍රමාණයක්ද මෙම ජාවාරම්කරුවන් විසින් වෙන්කර තිබෙන බවද සඳහන්.
මෙම මුදල්, සිය අරමුණ සාක්ෂාත් කර ගැනීම සදහා එකී ජාවාරම්කරුවන් විසින් දේශපාලනඥයන් සහ ඉහළ නිළධාරීන් අතර බෙදා හැරීමට සැලසුම් කර තිබෙන බව බුද්ධි වාර්තාව වැඩිදුරටත් සදහන් කරනවා.
කෙසේ හෝ දැනට ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුම නවතා දැමීම මෙම ජාවාරම්කරුවන්ගේ අරමුණ බව බුද්ධි වාර්තාව පවසනවා.
කෙසේ වෙතත් තව දින 10 කින් දේශබන්දු තෙන්නකෝන් මහතාට මාස 03 ක් සඳහා ලබා දුන් වැඩබලන පොලිස්පති ධූරය අවසන්වීමට නියමිතයි