පොලිස්පතිවරයා ලෙස දේශබන්දුගේ පත්කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් – සජිත්ගෙන් චෝදනා !

864 Views
1 Min Read

පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන්ව පත්කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිදුකර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා පවසන්නේ, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි නොවූ බවයි.

පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කිරීම සඳහා පැවති ඡන්ද විමසීමේදී එයට පක්ෂව ඡන්ද 4ක් සහ විපක්ෂව ඡන්ද 2ක් හිමිව ඇති බවයි, ඒ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ.

සාමාජිකයින් දෙදෙනෙකු ඡන්ද විමසීමට සහභාගී නොවූ බව විපක්ෂනායකවරයා පවසන අතර එසේම එහි ඡන්ද විමසීමකදී ප්‍රතිඵලය සම වන අවස්ථාවකදී පමණක් කථානායකවරයාට සිය ඡන්දය භාවිත කළ හැකි බවත් ඔහු සඳහන් කර සිටියා.

විපක්ෂනායකවරයා පවසන්නේ ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දයක් හරහා තීරණයක් ගැනීමට අඩුම වශයෙන් ඡන්ද 5ක් අවශ්‍ය බවයි.

ඒ අනුව දෙවන වරටත් ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බව ඔහු සිය X පණිවුඩයෙන් පෙන්වාදෙනවා.

Share This Article
Leave a comment