සුරාබදු බලපත්ර නිකුත් කළේ රජයේ ආදායම වැඩිකර ගැනීමේ අරමුණ ඇතිව බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නිවේදනය කර තිබෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ කාර්යාලය අද (09) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නිදහසින් පසු 2022 වසර වනතුරු ම සුරාබදු බලපත්ර නිකුත් කිරීමේදී රජය මුදල් අය කිරීමක් කර නොතිබුණ බවයි.
ඒ අනුව, 2022 වර්ෂයේදී රටේ සෘජු බදු විශාල ලෙස අහිමිවීමේ ප්රවණතාවයක් පෙන්නුම් කළ බවද එම නිවේදනය මඟින් පෙන්වා දී තිබෙනවා.
රට පත්ව තිබූ ආර්ථික බංකොලොත්භාවයෙන් මිදීමට සුදුසු පියවර ගන්නා ලෙස ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තු ක්රම සහ විධි කාරක සභාව රජයට දැනුම් දී ඇති බවද එහි සඳහන්.
ඒ අනුව, සෘජු බදු සීඝ්ර ලෙස අහිමිවීමට විකල්ප ලෙස රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා මුදල් අය කර සුරාබදු බලපත්ර නිකුත් කිරීම සිදු කළ බව එම නිවේදනය මඟින් අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම සුරාබදු පරිපාලනය වැඩි දියුණු කිරීමේ ක්රමවේද සහ බදු ප්රතිපත්ති සංශෝධනය, විවිධ වර්ගයේ සුරාබදු බලපත්රවලට අදාළ වන මාර්ගෝපදේශ රීති විධිමත් කිරීම, නව නිර්නායක හඳුන්වාදීම, බලපත්රවල උපරීම සීමාවන් තීරණය කිරීම, සුරාබදු සේවා සඳහා පරිපාලන ගාස්තු ලබාදීම, ඉල්ලුමට අනුව අදාළ බලපත්ර ගාස්තු ඉහළ නැංවීම යන යෝජනා ඇතුළත් අය වැය ලේඛණය වර්ෂ 2024 අය වැය කතාවේ අංක V ඡේදය යටතේ ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තුව සම්මත කර ඇති බවත්, ඊට අදාළ ගැසට් නිවේදනයට ද පාර්ලිමේන්තුවේ අනුමැතිය පළ කර ඇති බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.
එම නිවේදනය මෙතනින්.