එජාපයේ ප්‍රබලයෙක්ට පොලීසියේ ලොකු පුටුවක් !

235 Views
2 Min Read

යහ පාලන සමයේ දී එක්සත් ජාතික පක්ෂයේ මහර ආසන සංවිධායකවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දේශපාලන ගමනට විශාල ශක්තියක් ලබා දුන් හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි බස්නාහිර පළාත් අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමතියට යටත්ව පොලිස්පතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

ප්‍රිශාන්ත ජයකොඩි මධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරන්නේ පොලිස්පති එන්.කේ ඉලංගකෝන් ගේ සමයේ දීය. වර්ෂ 2011 -12 දී ඔහු දෙවරක් එම තනතුර දැරුවේය. එවකට ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකි.

අනතුරුව ප්‍රිශාන්ත ජයකොඩි රත්නපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කරන අතර මරණ තර්ජන ඇති බව පවසමින් රටින් පලාගොස් ඔස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණය ලබාගෙන සිටියේය.

පුද්ගලික සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාවට ගිය ප්‍රිශාන්ත ජයකොඩි යළි ලංකාවට නොපැමිණ එසේ දේශපාලන රැකවරණය ඉල්ලා තිබිණි.

2013 අගොස්තු මාසයේ දී එවකට පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි සේවය හැර ගියා සේ සලකන බව පොලිස් ආරංචි දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

යහපාලන ආණ්ඩුව සමයේ යළිත් පැමිණි ඔහු සම්බන්ධවන්නට උත්සාහ කළේ පොලිස් සේවයට නොව, දේශපාලනයටය. එක්සත් ජාතික පක්ෂයේ මහර ආසන සංවිධායක ලෙස ඔහු එවකට අගමැති රනිල් වික්‍රමසිංහගෙන් පත්වීම භාර ගත්තේය.

නමුත් එජාප මහර ආසන සංවිධායක ලෙස කටයුතු කරමින් දේශපාලනය කර මහ මැතිවරණයට තරග වැදී ඡන්දය පැරදුන පසු දේශපාලන පලිගැනීම් ලයිස්තුව යටතේ යළි පොලිස් සේවය ලබාගැනීමට ප්‍රිශාන්ත ජයකොඩිට හැකි විය.

අනතුරුව ලබා ගත හැකි උසස් වීම් සියල්ල ලබාගෙන දැනට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් දක්වා උසස් වීම් ලබාගෙන සිටියත් පොදු පෙරමුණු රජය යටතේ නොසලකා හැර සිටි ප්‍රිශාන්ත ජයකොඩි නැවත රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමෙන් අනතුරුව මෙසේ යළිත් කරලියට පැමිණ ඇති බව පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.

Share This Article
Leave a comment