ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබදව පැවති අඩු පීඩන කලාපය, බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර, මේවනවිට දකුණු-මධ්‍යම බෙන්ගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතී.
මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුලදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, තමිල්නාඩු-පුදුචෙරි වෙරළ වෙත ලඟා වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලවිටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.