අදත් කාලගුණයෙන් රතු නිවේදනයක් !

292 Views
1 Min Read

පීඩන අවපාතය අඩු පීඩන කලාපයක් දක්වා දුර්වල වී ඇති අතර එය අද දින (26) උදෑසන වන විට ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කිරීමත් සමගම අද සවස් කාලයේ සිට දිවයිනේ කාලගුණයට එමගින් සිදුවූ බලපෑම අඩුවනු ඇතැයි බලාපොරොත්තු වේ.

මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි සහ තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනකුව මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු ප්‍රදේශවලට සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවරයින්ට සහ නාවිකයින්ට දැනුම්දී ඇත.

එම නිවේදනය හෙට උදෑසන 6.30 දක්වා වලංගු වන බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Share This Article
Leave a comment