ඊයේ ඇමරිකාවට ඉහළ අහසේ පියාසර කරන නාඳුනන වස්තුවකට වෙඩි තැබූ බව එක්සත් ජනපද නිලධාරීන් පැවසනවා.
ඒ එක්සත් ජනපද F-22 ප්‍රහාරක ජෙට් යානයකින්.
එය මෝටර් රථයක ප්‍රමාණයේ හඳුනා නොගත් වස්තුවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
කෙසේවෙතත් Sidewinder මිසයිලයක් මගින් එය බිම හෙළු බවයි පෙන්ටගනයේ ප්‍රධාන ප්‍රකාශක ජෙනරාල් පැට්රික් රයිඩර් මාධ්‍ය වෙත පැවසුවේ.
එක්සත් ජනපදය හරහා පියාසර කළ චීන බැලූනයක් එරට හමුදාව විසින් විනාශ කර සතියකටත් අඩු කාලයකට පසුව මෙම සිදුවීම වාර්තාවීම විශේෂත්වයක් වනවා.