විදුර වික්‍රමනායකට සහ ඩී.බී. හේරත්ට ජනතාගේ විරෝධය !

275 Views
1 Min Read

වාරියපොල බමුණුකොටුව වල්පොල ප්‍රදේශයේ ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානයක් මෙසේ විවෘත කිරීමට ගිය අමාත්‍යවරුන් දෙදෙනකුට ප්‍රදේශවාසීගේ දැඩි විරෝධයක් එල්ල විය.
පසුව කැරලිමර්ධන පොලිසිය ගෙන්වා දැඩ ආරක්ෂාව යටතේ උත්සවය පවත්වාගෙන ගිය

රුපියල් ලක්ෂ 250 ක වියදමින් ඉදිකල සංස්කෘතික මධ්‍යස්ථානය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට සහ රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් යන මහත්වරුන්ට එසේ ජනතාගේ විරෝධතාවය එල්ල විය.

විරෝධතාවයට එක්වූ පිරිස කියා සිටියේ මෙම ගොඩනැගිල්ල මීට පෙර වාර ගණනාවක් විවෘත කර ඇති බවයි.

තවද මෙම මධ්‍යස්ථානය පිහිටි මහකෙළිය කටුපොත මාර්ගය කලක සිට අබලන්ව පවතින බවත් මෙවැනි ව්‍යාජ උත්සව වලට වැය කරන මුදල් මාර්ගය අළුත්වැඩියා කිරීමට යොදවන ලෙසද පිරිස ඉල්ලා සිටියහ.

Share This Article
Leave a comment