පාසල් සිසුන් සඳහා ඉංග්‍රීසි ඉගැන්වීමේ නව ක්‍රමවේදයක් !

254 Views
1 Min Read

1 වසරේ සිට භාවිතා මගින ඉංග්‍රීසි ඉගැන්වීමේ නව අධ්‍යාපන ක්‍රමවේදය මෙම මාර්තු 30 දා සිට දිවයිනේ සියලු පාසල් ආවරණය වන පරිදි ආරම්හ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

පාසල් දරුවන් සඳහා කුඩා කාලයේ සිට ඉංග්‍රීසි භාෂාවට හුරු කිරීම සඳහා මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය.

මෙම වැඩසටහන මගින් කිසිවිටකත් 1 වසරේ සිට ඉංග්‍රීසි භාෂාව අනිවාර්‍යය කිරීමක් සිදු නොවන අතර දරුවන් සහ ගුරුවරයා ඉංග්‍රීසි භාෂාව වැඩි වශයෙන් භාවිතා කිරීම මෙහිදී සිදු කෙරෙනවා.

2023 වසරේ නව පාසල් වාරය 27 දා ආරම්භ වීමට නියමිතයි.

ලබන 2024 වසරේ සිට පාසල් කාලසටහන අතීතයේ පැවති ආකාරයට ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් වැඩිදුරටත් පවසනවා.

Share This Article
Leave a comment