දහම් පාසලේ දී පිහි ඇනුමකට ලක්වූ 11 ශ්‍රේණියේ සිසුවියට ශල්‍යකර්මයක් – සැකකරු සියල්ල වමාරයි (VIDEO)

492 Views
1 Min Read

ගල්ඔය ප්‍රදේශයේ විහාරස්ථානයක දහම් පාසලක් තුළ දී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකළ සිසුවිය මේ වනවිට සැත්කමකට භාජනය කිරීමට නියමිතව තිබේ.

අප කළ විමසීමක දී පහරකෑමට ලක්වු දැරියගේ මව පවසා සිටියේ, මේ වනවිට දියණියගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව කන්තලේ රෝහලේ වෛද්‍යවරු පැවසු බවය.

ගල්ඔය ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන යන දහම් පාසලක 11 වන වසරේ ඉගෙනුම ලැබූ බී. එම්. ඉමාෂා නැමති සිසුවිය ඊයේ (02) උදෑසන 7.45ට පමණ එම අනපේක්ෂිත අනතුරට ලක්ව තිබුණි.

සිසුවිය සමග ප්‍රේම සබඳතාවයක් පැවැත්වීමට උත්සාහ ගන්නා පුද්ගලයෙකු විසින් එම අමානුෂික ප්‍රහාරය එල්ල කර තිබේ.

සිසුවිය ඊයේ දහම් පාසලට පැමිණි අවස්ථාවේ දී ජංගම දුරකථනයක් රැගෙන විත් ඇයට එය ලබාගන්නා ලෙස අදාළ පුද්ගලයා බලකර ඇති අතර, සිසුවිය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කුපිත වී ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් ඇන තිබුණි.

කෙසේ වෙතත් මේ වනවිට ප්‍රහාරය එල්ල කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

YouTube player
Share This Article
Leave a comment