කළුතර තිස්ස ජාතික පාසල හා කළුතර මහා විද්‍යාලය අතර පැවැති වාර්ෂික ක්‍රිකට් තරගය අවසානයේ දී ඇති වූ ගැටුමක් අතරතුර ප්‍රහාරයකට ලක් වූ කළුතර තිස්ස විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා බරපතළ තුවාල ලබා රෝහල් ගතව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
මග්ගොන සරේ ක්‍රීඩාංගනයේදී පාසල් දෙක අතර පැවති තරඟය කළුතර මහා විද්‍යාලය ජයග්‍රහණ ලැබීමත් සමග පරාජිත වූ තිස්ස ජාතික පාසලේ සිසුන් පිටිය මැදට පැන මෙම ගැටුම ආරම්භ කර ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.
තිස්ස විදුහලේ උප නායකයා හිසට වැදුණු තදබල පහරක් සමග නාගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
ඔහුගේ හිසට විශේෂ ශල්‍යකර්මයක් කිරීමට කොළඹ ජාතික රෝහලට මාරු කිරිමට නියමිතව තිබේ.
තරගය නැරඹීම සඳහා හාරදහසකට පමණ පිරිසක් ක්‍රීඩාංගණයේ සිට ඇත.