ආණ්ඩුකාරවරු ගෝඨාභයට අවනත වෙයි !

214 Views
1 Min Read

ඉදිරි දින දෙක තුන ඇතුළත ආණ්ඩුකාරවරුන් කිහිප දෙනකු ඉල්ලා අස්වීමට තීරණය කොට ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ආණ්ඩුකාරවරුන්ට ලබා දී ඇති දුරකතන ඇමතුම්වලින් පසු ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
මීට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙම පිරිසට ඉවත්වන ලෙස දැනුම් දීමක් කොට තිබුණද කිසිවකුත් ඉන් ඉවත් වීමට පියවර ගෙන නොතිබිණ.
එහිදී එක් ආණ්ඩුකාරවරයකු හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාගෙන් නීති උපදෙස් ලබාගෙන තිබුණු අතර එහිදී ඒ මහතා දැනුම් දී තිබුණේ ජනාධිපතිවරයා අනුප්‍රාප්තික අයකු බැවින් ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමේ හැකියාවක් ඔහුට නැති බවකි.
එම පදනම මත පිහිටා කිසිදු ආණ්ඩුකාරවරයකු ඉල්ලා අස්වීමේ ලිපි ලබාදීමට පියවර ගෙන නොතිබිණි.

Share This Article
Leave a comment