මියගිය කොටි සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ තුන්වන පුතා වන බාලචන්ද්රන් ලෙස සැරසී මුලතිව් මුල්ලිවයික්කාල් ප්රදේශයේ යුද සැමරුම් උළෙලකට යමින් සිටි තරුණයෙකු ආරක්ෂක අංශ විසින් අතර මගදී ඉවත් කොට තිබේ.
වාහනයක නැගුණු මෙම තරුණයා යුද්ධයේ අවසන් කාලයේදී ප්රභාකරන්ගේ පුතා සිටි ආකාරය නිරූපණය කරමින් යුද සැමරුම් උත්සව භූමියක් වෙත යමින් සිටියදී ආරක්ෂක අංශ ඔහුව නවතා ඇත.
ප්රභාකරන්ගේ තුන්වන පුතා වූ බාලචන්ද්රන් මියගියේ 2009 මැයි මස 18 වෙනිදා අවසන් යුද්ධයට හසුවීමෙනි.
ඔහු සිහිපත් කිරීම සදහා මුලතිව් තරුණයෙකු යොදා ගෙන මෙම රථය සකස් කොට යුද සැමරුම් පෙරහැරකට එක්කොට තිබුණි.
මේ අවස්ථාවේදී එම රථය සැලසුම් කළ හා පෙරහැර සංවිධානය කළ පිරිස ආරක්ෂක අංශ සමග බහින් බස් වී ඇතත් ආරක්ෂක අංශ ඔහුව ඉවත් කොට තිබේ.