රාජාංගනයේ සද්ධාරතන හිමියන්ට අධිකරණය අද ලබාදුන් තීන්දුව !

147 Views
1 Min Read

රාජාංගනයේ සද්ධාරතන හිමියන් ලබන 21 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (07) නියෝග කළේය.

සද්ධාරතන හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේ පසුගිය 28 දා රාත්‍රියේ අනුරාධපුර ශාවස්ත්‍රිපුර ප්‍රදේශයේ දී ය.

අනතුරුව කොළඹට රැගෙන විත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු උන්වහන්සේ අද (07) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණ.

ආගමික සංහිඳියාවට හා බුද්ධ ශාසනයට හානි වන පරිදි උන්වහන්සේ කළ ප්‍රකාශ සම්බන්ධව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් ප්‍රකාරව රාජාංගනයේ හිමියන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

Share This Article
Leave a comment