මැයි 09 සිද්ධිය ගැන සොයන්න විශේෂ පොලිස් ඒකකයක් !

246 Views
1 Min Read

පසුගිය වසරේ (2022) මැයි 09 සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන් 73 දෙනෙකු පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියේ, විශේෂ විමර්ශන ඒකකය විසින් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

පොලිස් වසම් 69කට අදාළව නිලධාරීන් 73ක් පිළිබඳ ඒ අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද ඊට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 62ක්, කාන්තා පොලිස් පරීක්ෂකවරියක, පොලිස් පරීක්ෂකවරුන් 6 දෙනෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළත් බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම නිලධාරීන් අතරින් මූලස්ථාන පොලිස් පරීක්ෂක හා ස්ථානාධිපති තනතුරුවල කටයුතු කරන පුද්ගලයන් එම තනතුරුවල තවදුරටත් තබා ගැනීම මෙම මූලික විමර්ශනවලට බාධාවක් නිසා, නිලධාරීන් 38ක් ස්ථාන මාරු කර යවා ඇති බව ද සමස්ත සිද්ධිය සම්බන්ධව තවදුරටත් විමර්ශන කරගෙන යන බව ද ටිරාන් අලස් අමාත්‍යවරයා කියා සිටියා.

එහිදී අනාවරණය වන කරුණු අනුව එම නිලධාරීන් යම් වැරදිසහගත දේ කර ඇති නම්, විධිමත් ලෙස විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවා.

Share This Article
Leave a comment