උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්‍ෂණ පැවැත්වෙන දිනයන් මෙන්න !

201 Views
1 Min Read

අපොස උසස් පෙළ විභාගයේ (2023) ලිඛිත පරීක්‍ෂණයට පෙනී සිටි අයදුම්කරුවන්ට සෞන්දර්ය සහ තාක්‍ෂණවේදය විෂයන්වලට අදාල ප්‍රායෝගික පරීක්‍ෂණ මේ මස 27 වැනිදා සිට ජූලි මස 31 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව,

  • දේශීය නැටුම්, භරත නැටුම් සහ පෙරදිග සංගීතය ප්‍රායෝගික පරීක්‍ෂණ මේ මස 27 වැනිදා සිට ජූලි මස 6 වැනිදා දක්වා ද,
  • ඉංජිනේරු තාක්‍ෂණවේදය ප්‍රායෝගික පරීක්‍ෂණ ජූලි මස 12 වැනිදා සිට ජූලි මස 21 වැනිදා දක්වා ද,
  • ජෛව පද්ධති තාක්‍ෂණවේදය ප්‍රායෝගික පරීක්‍ෂණ ජූලි මස 29 වැනිදා සිට ජූලි මස 31 වැනිදා දක්වා ද,

පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

Share This Article
Leave a comment