වැටුප් රහිත නිවාඩු ගන්න නිලධාරීන්ට අලුත් චක්‍රලේඛනයක් !

313 Views
1 Min Read

රාජ්‍ය නිලධරයන්ගේ ජ්‍යෙෂ්ටතාවයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ නිවාඩු ලබාගන්නා නිලධරයන්ට නිවාඩු අනුමත කරන බලධරයා සමඟ ගිවිසුමකට එළැඹීමට සිදුවන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන, අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අසෝක මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.

මෙම ගිවිසුම් සමඟ එළැඹෙන කොන්දේසි සහ බැඳීම් උල්ලංඝනය කිරීම වරදක් වන බව අවධාරණය කරන රාජ්‍ය පරිපාලන ලේකම්වරයා, එබඳු අවස්ථාවක බලධරයන් ගනු ලබන ඕනෑම විනය හා නෛතික ක්‍රියාමාර්ගයකට නිවාඩු ලබාගන්නා නිලධාරීන්ට යටත් වීමට සිදුවන බව සඳහන් කරනවා.

එකී නිවාඩු කාලය උපරිම වසර 01 සිට වසර 05 දක්වා පමණක් ලබාදෙන බවත්, චක්‍රලේඛ මඟින් දැනුම් දී ඇති විධිවිධාන සම්පූර්ණ කිරීමට අපොහොසත් වන නිලධාරීන්ගේ විශ්‍රාම වැටුපට ඇති හිමිකම අහිමිවන බවත් හෙතෙම පවසනවා.

Share This Article
Leave a comment