මෙම වසරේ (2023) පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව පහ ශ්‍රේණිය විභාගය ඔක්තෝබර් 15 (ඉරිදා) පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එමෙන්ම උසස් පෙළ විභාගය නොවැම්බර් 27 (සඳුදා) ආරම්භ වන අතර දෙසැම්බර් 21 (බ්‍රහස්පතින්දා) අවසන් වන බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.