TikTok වෙනස් වෙයි !

345 Views
1 Min Read

සමාජ ජාල අතර ඇතිවී ඇති තියුණු තරගය හේතුවෙන් එම සමාජ ජාල හිමිකරුවන් නිතරම නැවුම් වෙනස්කම් කරමින් සිය ග්‍රාහකයින් රඳවා ගැනීමට උත්සාහ දරයි.

TikTok සම්බන්ධයෙන් අපි සියලුදෙනාම දන්නේ එය වීඩියෝ පළකිරීම සඳහා නිමවා ඇති මෙවලමක් ලෙසට ය. නමුත් Facebook Threads සහ Twitter X සමාජ ජාලවලට අභියෝගයක් කළ හැකි අලුත් වෙනසක් සිදුකිරීමට TikTok හිමිකරුවන් පියවර ගෙන තිබේ.

ඒ අනුව වැකි පළ කිරීමට හැකිවන ලෙස TikTok සඳහා නව වෙනසක් සිදුකර ඇති බව එම මෙවලම හිමි චීන සමාගම පැවසීය. “එමගින් ග්‍රාහකයින්ට තම අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබෙනවා…”

ඒ අනුව TikTok ග්‍රාහකයින්ට ටෙක්ස්ට්, වීඩියෝ හෝ ඡායාරූප සිය ගිණුමේ පළ කිරීමේ හැකියාව දැන් ලැබී තිබේ.

මෙහිදී Photos, Videos සහ Text යන ක්‍රමවේද 3 හරහාම Post නිර්මාණය කළ හැකියාව ලැබෙනවා.

එමෙන්ම TikTok වෙනත් පරිශීලකයින්ගේ Post මත Sound Add කිරීම, Location Add කිරීම සහ Duets කිරීමට මෙහිදී අවස්තාව හිමිවනවා.

මීට අමතරව TikTok වෙතින් නව Music Streaming සේවාවක් ද හඳුන්වා දී තිබෙනවා.

Share This Article
Leave a comment