කැනේඩියානු අගමැති ලංකාව ඉලක්ක කරගෙන වර්ගවාදී අසත්‍ය ප්‍රකාශ නිකුත් කරලා – විදේශ කටයුතු අමාත්‍යාංශය විරෝධය පල කරයි !

425 Views
1 Min Read

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ විසින් කරන ලද ප්‍රකාශයක ‘දෙමළ ජන සංහාර අනුස්මරණ දිනයක්’ ගැන සඳහන් කිරීම ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය කියා සිටියේ, ටෘඩෝ විසින් පසුගිය ජූලි 23 වන දින නිකුත් කරන ලද ප්‍රකාශයේ මේ ප්‍රකාශය සඳහන් කර ඇති බවයි.

කැනඩාව විසින් ශ්‍රී ලංකාවේ අතීත ගැටුම පිළිබඳ “අසත්‍ය, විකෘති” තොරතුරු දිගින් දිගටම සඳහන් කිරීම එරට මැතිවරණ ජයග්‍රහණ ඉලක්කකර සිදුකරන්නක් බව සඳහන්.

එමෙන්ම එය වාර්ගික සංහිඳියාව පිළිබඳ පුළුල් අරමුණ සඳහා හිතකර නොවන බවයි අමාත්‍යංශය නිවේදනය කළේ.

මීට අමතරව ශ්‍රී ලංකාව විසින් කැනේඩියානු අගමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින සියලුම ප්‍රජාවන් අතර සහ විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර ස්ථාවරත්වය, ප්‍රගතිය, සාමය සහ සංහිඳියාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය දෙන ලෙසයි.

Share This Article
Leave a comment